පෙරේදා . යුක්රේනියන් කෑම කාල [ තව පොඩ්ඩෙන් ඉල්ලගෙනත් කාල ] ඊයේ රටවල් හතරක කෑම කෑවා. කෑවා කීවට මන් කන්නේ බොහොම ටිකයි . රස බැලුව කිව්වම තමයි හරි . නැත්නම් වැරදියට හිතයි මන් අලියෙක් කියල .
ජපන් , ඩෙන්මාර්ක් , වියට්නාම සහ [මං] ලංකික කාන්තාවන් 5 දෙනෙක් '''වළන් වාසනාවක් '''තිබුන අපේ දිහා . ඉංගිරිසියෙන් Pot Luck සිංහලෙන් වළන් වාසනාව වෙන්න එපයි .
Banh chung [හදන හැටි ඕන නම්] හෙවත් sticky rice Cake .
මේක විශේෂිත කෑමක් . ඉස්සර නම් අවුරුදු කාලෙට විතරලු හැදුවේ . දැන් නම් වසර පුරාම මිලදී ගන්න ඇතිලු . මං මෙච්චර කල් දැකල තිබුනට මැදට මස් දාන නිසා කාලම නැහැ . මුන් ඇට සහල් ඌරු මස් සහ ගම්මිරිස් , ලුණු තමයි අඩංගු වෙන්නේ . හැබැයි මේ සේරම විශේෂ කොළ වර්ගයකින් ඔතල පාර්සල් වගේ හදල පැය 6 ක් 12 ක් වගේ කාලයක් තම්බනවලු . කොළ ජාතිය නිකන් ඇහැට පුරුදුයි වගේ . නම Phrynium . විද්‍යාත්මක නම ජාලයේ සොයල ලැබුනේ Thaumatococcus daniellii ලෙසයි .
මට සිහි වෙන්නේ අපේ කැනාස් ගස් . ඒ පවුලේම වගේ . ගොර්ඩෝනියා ගෙන් තමයි අහන්න වෙන්නේ . වෙනත් Rice කේක් වර්ග කෙහෙල් කොලේ එතුවට මේක විශේෂයි .
. මේකයි පහල තියෙන රවුම් සුදුපාට ජාතියයි [ Banh day ] ගැන ප්‍රසිද්ධ ප්‍රවාදයක් තියෙනවා . මේ රවුම් ජාතිය හදන්නේ තනිකරම ඇලෙන සහල් පිටි වලින් [ Glutinous rice ] වලින් . ..ඔතන්නේ කෙහෙල් කොලේ
මේ කතන්දරේ කියන්න හිටියේ හුඟ කලක ඉඳන් . අද තමා අවස්ථාවක් ආවේ .
මෙහෙ ඉස්සර ඉඳල තියෙන්නේ අපේ වගේම හොඳ කතන්දර කාරයෝ වගේ . ඕන දේකට කතන්දරයක් .
බොහොම ජනප්‍රවාදයන් වල ඉන්නේ Hung රජ කෙනෙක් . හරියට '' බ්‍රහ්මදත්ත රජු වගේ''. ඔන්න එක හුන්ග් රජ කෙනෙක්ගේ සමයේ රජතුමාට තමන් වයසට යද්දී ඕන වුනාලු සිහසුනට උරුමක්කාරයා තීන්දු කරන්න . එක කතාවක තියෙන විදිහට පුත්තු 22 ක් හිටියලු .
සේරම පුත්තුන්ට කිව්වලු තමන්ට විශේෂ කෑමක් ගේන්න කියල . වැඩිය කවුරුත් ගණන් නොගත්ත අනියම් බිරිඳකගේ පුතෙකුත් මේ අතර ඉඳල තියෙනව . මගේ මිතුරිය කිවේ නම් සරල කරලා . රජතුමාට පුත්තු තුන් දෙනයි . වැඩිමල් දෙන්නගෙන් එක්කෙනෙක් මුහුදට ගියාලු . අනෙකා කඳුකරේට ගියාලු . බාලයා කොහෙවත් නොගිහින් කල්පනා කලාලු .
මුහුදට ගිය පුතා ඉදිරිපත් කලේ බැදපු මාළු . කන්දට ගිය පුතා මස් සහ හතු . මාලිගාවේ නැවතුන බාලයා මුළුතැන්ගෙට ගිහින් සහල් පිටි වලින් මේ කේක් වර්ග දෙක හැදුවලු . රවුම් එක අහස නියෝජනය වෙන්නත් හතරැස් එක පොළවේ සංකේතයක් ලෙසත් . හැමෝම පුදුම වෙද්දී ඔහු කිවලු '' මෙය සරුසාර රටක් .හැමෝටම ඇතිතරම් කන්න තියෙන දෙයක් නිසා සහල් තමා දෙන්න පුළුවන් විශේෂම කෑම වර්ගය '' කියල .
රජතුමා ඔහු ගැන පැහැදිලා රජකම පැවරුවලු.
හතරැස් කේක් වර්ගය ඉතාම පෝෂ්‍යදායක කෑමක් ලෙසයි මොවුන් සලකන්නේ .
රවුම් වර්ගය ගැන කියනව නම් ඉදිආප්ප තම්බනකොට අන්තිමට වංගෙඩිය හුරලා ඉතුරු වෙන පිටි ටිකෙන් හදන කොට්ටය කාල තියෙවද ..අන්න ඒකම තමයි . ටිකක් ඇලෙන සුළුයි . සුමුදුයි .
ජපන් යාළුවා ගෙනාවේ ජපන් හොද්දක් . මං පුදුම වුනා ජපානේ හොදි තියෙනව කිව්වම . ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙනා හොද්ද ජපනා තමන්ට ගැලපෙන්න හදාගෙන . එයාල අපි වගේ නෙමේ . හරිම නිර්මාණ ශිලියි . මේ හොදි නැත්නම් Curry හදන්න පුදුම ක්‍රමයක් සොයාගෙන .
චොක්ලට් බාර් එකක් වගේලු . දිය කරලා මස් සහ එළවලු දාල රත් කරන්න විතරලු ඕනේ . සැර අඩු සිට වැඩි දක්වා තිබේලු. සැර කොපමණද කියල වර්ණ පටියකින් දක්වල තියෙනව පෙට්ටියේ . හරියට ආම්ලිකතාවය සටහන් කරන Ph පත්‍ර වල ක්‍රමේ වගේ .
ජපනා හපන කියල මට ඊයේ නම් හිතුන . ඒ එක්කම '' අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී '' කිව එකත් මතක් වුනා .
කොහොම හරි විවිධ සංස්කෘතීන් ගැන දැන ගන්න ලැබෙන මේ සුන්දර හමු වීම් වලට මං බොහොම කැමති නිසා ඊයේ හරිම සතුටින් ගෙවුනා . එකක් කියන්න ඕන . ඔය මොනවා තිබුනත් අන්තිමට ඉවර වුනේ මගේ කට්ලට් ටික . ඕනෑම ජාතියක ඕනෑම දිවකට හරියන රසය
ප.ලි.
හැමෝම ගෙදර ඉන්න අද මේක කොටන්න හරිම කරදරයක් වින්දා . එක එක රන්ඩු බේරන්න ඉල්ලීම් වර්ජන ..වෙලාවකට ඉතින් මරණ තුනක් ඇති මිනිස්සුත් පැණි කනවනේ .
නෙළුම් විල
සිටුවා ඉවර නැති .. පිපෙන්නට තව මල් ඇති.. ඔබ සුවඳ වින්දොත් එය මල් වලට සතුටකි
Saturday, 26 May 2012
Friday, 25 May 2012
ලෙනින් සහ කාල් මාක්ස් එක්ක කෑම කෑවෙමි
අද දවල්ට කෑවේ පස් දෙනෙක් එක්ක . යෙහෙලියන් දෙන්නයි ටයි කොන්ඩෝ පැංචායි ...ලෙනින් සහ කාල් මාක්ස් දෙන්නයි . තව නම දන්නේ නැති එක්කෙනෙකුත් හිටියා . මාක්ස් මහත්තය දැක්කට වඩා මට ඇත්තටම පුදුම සතුටක් ඇති වුනේ ලෙනින් දුටුවම . හරිම අහඹු හමු වීමක් . ඒ මුහුණේ මද සිනහව පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ .
කලෙක බොහොම ආදරය කල කෙනෙක් හමුවුනා වගේ දැනුනා . ළමා වියේ සිට යව්වනය දක්වා ජිවිතේ එක පරිච්චේදයක් පුරා අපි කරක් ගැසූ වොල්ගා ගඟ බඩ....සයිබීරියා හිමකතර ..ඉමක් කොනක් නැති ඉරිඟු බිම්..පොප්ලර් ගස් ..ඒ සියලු සුන්දර මතක හිත පතුලෙන් මොහොතකට එලියට ආවා .
කවදාවත් විසිකරන්න බැරි මතක
අද ලියන්න හිටියේ නැතුව වුනත් මේ පින්තුර ටික නොදා කොහොමෙයි . වචන දාහකින් කියන්න බැරි දේ පින්තුරෙකින් කියන්න පුළුවන් කොට ......
.
මගේ ලාංකීය මිතුරියගේ උපන් දිනය නිසා කොරියන් මිතුරියකුත් එක්ක කන්න ගිය යුක්රේනියන් කෑම කඩේ තමයි මේ පින්තුර එල්ලලා තිබුනේ .
මේ කවුද කියා මට මතක නැහැ .
බොහෝ රටවල , සමාජවාදී රටවල පවා ලෙනින් ගේ පින්තුර අයින් වෙලා යද්දිත් හැනොයි වල ලෙනින් නමින් උද්‍යානයක් තියෙනවා . ප්‍රතිමාවකුත් එක්ක .
වොඩ්ක ත් තිබුන ,..ඔව්ව බිල හවසට ළමයි බලාගන්නේ කවුදැයි කියල හිතල නිකා හිටිය .
දැන් මේ පින්තුර දැම්මේ මේ මිනිසුන්ට අපහාසෙකින් වත් සමාජවාදය සහ ධනවාදය ගැන අඩුපාඩු දැක්වීමකට වත් නෙමේ . කොහොමත් ඒ අය බිහි වුනේ ඒ ඒ යුගවල අවශ්‍යතාවය අනුව කියලයි මගේ පිළිගැනීම. අනික අද නිශ්චිත'' වාදයකුත්'' නැති එකේ අපි මොකට පටලවෙනවද. අවන්කවම මන් සතුටුයි ලෙනින් මුණ ගැසීම ගැන .

Wednesday, 16 May 2012
යලිත් මල් පිපී
සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .
සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .
පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .
මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි
කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි
සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .
මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .
පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත
මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.
අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .
සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .
අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .
මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .
බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''
[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]
බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .
ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.

Sunday, 13 May 2012
හංසයින්ගේ නගරයේ සොඳුරු හංසයාගේ නික්ම යාම ..
මේක කාගේ හරි ..නැත්නම් ඔබා මාමගේම හරි විහිළුවක් නම් . සේරමලා අහුවුනා නේද කියල හිනා වෙලා ඔබා මාමා කමෙන්ට් එකක් දානවනම් ..ඔහු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . අපි හැමෝගෙම ආදරණිය ඔබා මාමා . වේලාසනින්ම ගිහින් .
මහ රෑ අපි එනකම් ගුවන් තොටේ බලා ඉඳපු , අපිට නවාතැන් දීලා අපේම ගෙදරක් වගේ දැනෙන තරමට ඉඩ සලසපු ...උදේ රෑ අපේ බනිගේ කුරු කුරු හිනා මුවින් ඉවසපු ..හංසයින්ගේ නගරය පුරාම අපිව එක්ක ගියපු ..ඔබා මාමා .
සයිබරයේ තරුණ පරම්පරාව එක්ක පෑහෙන්න තරම් නැත්නම් ඒ තරුණයින්ටත් වඩා තරුණ හිතක් තිබුන ..කාගෙවත් හිත රිදෙන්න වචනයක් නොකියපු ..ලිව්ව හැම වචනෙන්ම අපිව හිනා ගස්සපු විහිලු කාර මිනිසා තුල ලෝකය ගැන පුළුල් දැනුමක් තිබුන ..සාපේක්ෂව හැමදේම දකින්න හැකි හදවතක්ද තිබුනා .
කියන්න කොයිතරම් දේ ඇතිද ..ඒ අපි හැමෝම දන්නා දේවල් . පුද්ගලිකව අඳුනගෙන දැනගත් පුද්ගලික කාරනා බ්ලොග් වල නොලියන්නත් ඒ වගේම පින්තුර ප්‍රසිද්ධ නොකරන්නත් අපි තබා ගත් නිහඬ ගිවිසුම කවදාවත් අපි දෙන්නම කඩ කලේ නැති නිසා අදටත් ඒ පොරොන්දුව එලෙසමයි .
අද ඔබි නැන්දා ගොඩක් දුකින් ඇති . සමගියෙන් සමාදානයෙන් විහිළුවෙන් එකට ආපු ජිවන ගමනේ ආදරණිය සහකරු නික්ම ගිය පසු ..සැනසෙන්න වචනයක් කියන්න ළඟ නැති එක අපට මහා දුකක් .
එක අතකට කල්පනා කරද්දී ඔබා මාමා ජීවිතය සම්පුර්න කල කෙනෙක් . ජිවිත් වුනා කියන්න පුළුවන් ජිවිතයක් ගතකල කෙනෙක් . සැහැල්ලුවෙන් ජිවත් වෙලා අන්තිම ගමනත් සැහැල්ලුවෙන් පිටව ගිය සොඳුරු මිනිසෙක් ..
ආදරණිය ඔබා මාමේ ඔබට නිවන් සුව .
බොහෝ අය යති , එති
හදවත සිතුවම් අඳිති ..
එහෙත් කැටයමක් කල අය
බොහෝ හිග වෙති
...ඔහු අප හදෙහි ඇඳි
කැටයම් සදා නොමැකෙති..
Saturday, 5 May 2012
වසරක් ගෙවුන දා මේ මල් නුඹට සකි
කතරක් නොවේ දිවියම දාහයෙන් වැකී
වතුරක් සොයන දා කෙම් බිම් දකිනු හැකී
වදනක් දෙකක් පවසාවිද කවිය නොකී
වසරක් ගෙවුන දා මේ මල් නුඹට සකි
ඉස්කෝලෙට යන පාරේ තැනක ලස්සන නෙලුම් විලක් තියෙනවා . ඔය විල තමයි නෙලුම් විල කියන නම මට මතක් කළේ. ඒ නෙලුම් විලයි මේ නෙලුම් විලයි හරිම සමීපයි . මේ නෙලුම් විල තැනෙන කාලේ ඒ නෙලුම් විලේ දළු දාලා පොඩි පොඩි පොහොට්ටු .ටිකින් ටික විල් දෙකම ලස්සන වුනා . පසුගිය සිත සමයේ අර නෙලුම් විලේ මල් කොළ සේරම වේලිලා වේලිච්ච දඬුත් හැන්ගුනා. මේ විලෙත් පසුගිය කාලේ වැඩිය මල් පිපුනේ නැහැ . දැන් ඒ විල අලුතින් දළු දමලා පුංචි නෙලුම් පොහොට්ටු . බලන්න ලස්සනයි . මේ නෙලුම් විලත් වසන්තයත් එක්කම ටිකක් සරු වුනා .
විශේෂයෙන් ''අසෙනිය කුසුමට'' යෝජනා වෙච්ච එක ලොකු ගැම්මක් වුනා . ලියන එක නවත්වන එක අපරාදේ කියල මට හිතුනා . අනික සීතලට තිබුන කම්මැලිකම දෙපිටින් යන්න අව්ව පායලා . අව්වත් එක්ක මන් වෙනස් වෙනවද මන්දා .
දැනටමත් කට්ටිය සුබ පතල තිබුන වුනත් අවුරුද්දක් ගෙවෙන තැන වචනයක් නොලිය කොහොමද .
වසරකට ඉස්සර
අද වගෙම හොඳ දවසක
පටන් ගන්නට ඇති
හොඳම හොඳ නැකතක ..
....එදා ඉඳන් අද වෙනකම් කොතරම් නම් අය ආව ගියාද .නම් වශයෙන් කියන්න සුවිශේෂී කීපදෙනෙක් හිටියත් ලියල කිපවිටක්ම ආයේ මකල දැම්ම . සඳහන් නොවුන කෙනෙක්ගේ හිත රිදීමක් වුනොත් කියල .
මන් ලියපු දේවල් වලට නියම වටිනාකමක් දුන්නේ ඇත්තටම කමෙන්ට් වලින් .බ්ලොග් එකක් කියන්නේ සාමුහික අත්දැකීමක් . කොච්චර වැදගත් දෙයක් වුනත් කමෙන්ට් වලින් රසවත් නොවුනොත් වැඩක් නැහැ . මන් සදා ණයගැතියි මෙතනට ඇවිත් වචනයක් හරි ලියා ගිය අයට .
හැමෝම විවිධාකාර වගකීම් වලට හිර වෙනවා එක එක අවධි වලදී . එනිසා බ්ලොග් එකට ආව ගිය අයටත් ඒ දේමයි වෙන්නේ . සමහරු මුල ඉඳන්ම තවම ඉන්නවා . ඒවගේම හැමදාම අලුතින් අය එකතු වෙනවා . ගොඩක් අය හැමදාම කියෙව්වත් කමෙන්ට් කරන්න වෙන්නේ ඉඳහිට . තව විශාල පිරිසක් ඉන්නවා කියවලා විතරක් යන . ඒ හැමෝම මට එකසේ වටිනවා .
මේ කවි ටික ලියවුනේ දහදාහක් බ්ලොග් එක කියවපු වෙලාවේ . එදා වගෙම අදටත් ඒටික එහෙම්ම වලංගු නිසා පොඩි සංශෝධනයක් විතරයි කළේ ...
ගෙවා බාලය උරහිසට ගත් ජීවන කද
කතා නැතුවම කර තබාගෙන යන සඳ
නෑවිදින් තරඟෙට තනිව දුක් විඳ
කවි හිතත් සමඟ මග වැටිණි මා පන්හිඳ
කඳුලුත් මකා සතුටත් සිතට ලංකොට
තනියක් නොදී දුක සැප දෙකම බැලුවට
තනිකර දමා මන් දුර ආපු වරදට
මුවහත් නැතිය පන්හිඳ එදා තරමට
වැරදි වැරදී ඉවුරු බඳවා
පුංචියට ''නෙලුම් විල'' තැනුවා
අතින් ගෙන විත් වතුර පුරවා
මුලදී නම් බොහෝ නිදි මැරුවා
සුබ පැතුම් ගෙනා මදනල පවා
මල් සිඹී තව සුවඳ කව කවා
ආකහෙත් සීත පිනි බිඳු එවා
හිරු උදේ අලුත් මල් පිබිදුවා
කවරදාවත් නොදුටු මිතුරන්
ඇවිත් අද වුනා මට සොයුරන්
දුන් ඔවා මිණිද වැනි මසුරන්
සතුට මට නොමැති එක සතුරන්
සුවඳ විඳ නොගොස් මේ මල්වල
නතර වී අලුත් මල් පැල කල
සොඳුරු සංවාද දෙස බල බල
සැනසුනෙමි මම රැයද දහවල
පිපෙන විට මල් හෙමින් එක දෙක
නාවොතින් කෙනෙක් යන්නට දැක
පරවෙලා ගොහින් එය දවසක
විලට සහ මල් වලට මයි දුක
නම දත් නොදත් අය මව් බිම සිට පැමිණි
පැටි කළ හිතවතුන් සහ දුර රට මිතුනි
දිරි දී පිරිත් පැන් ඉස විල දිය පිරුණි
''මේ මල '' ඔබටමයි මා ප්‍රිය සකි සඳුනි
ලියවුන හැම අකුරක්ම මගේ විතරක් නෙමේ... .ගෙදර ඉන්න කමෙන්ට් නොකරන කියවන්නාගේ සිට අපි හැමෝගෙම .
අවුරුද්දක් තුල සැහෙන දේවල් වුනා . සමහර දේවල් ඒ විදිහටම හෝ පොඩි වෙනස් කම් එක්ක සිදුවෙමින්පවතිනවා . අලුත් දෙයක් නොවුනත් ගොඩක් අය කරපු දෙයක් වුනත් මාත් කැමතියි අද එදා මන් වගේ පුංචියට පටන් ගත්ත අලුත් බ්ලොග් වලට උදව්වක් කරන්න . මට කීප වතාවක් හමුවුනා සැඟවුන ඒ වගේ හොඳ බ්ලොග් . ඒ වගේම බනිලගේ තාත්තා නිතරම එහෙම බ්ලොග් සොයා සොයා කියවන ගමන් මට පෙන්වනවා . සමහර ඒවා මගේ බ්ලොග් රෝලටත් දාගත්තා . ඔබ හැමෝගෙන්ම ඉල්ලා හිටිනවා තමන්ගේ හරි එහෙම නැත්නම් තමන් කියවන වැඩිපුර කට්ටිය නොදන්නා බ්ලොග් වල ලින්ක් කමෙන්ට් හැටියට අරන් එන්න කියලා .
ආයෙමත් හැමෝටම කියා නිම කළනොහැකි තරම් ස්තුතියි .. .
Tuesday, 1 May 2012
වියට්නාම ඇමරිකන් සටන 1...චීනයෙන් රට ගලවා ගත් සුර වීර Trung සහෝදරියෝ
ඇමරිකාව මේ නැගෙනහිර ආසියාවට අතපොවන්න හේතු වුනේ ඇයි කියන එක සොයන්න කලින් වියට්නාමයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න වෙනවා . චීනය කියන්නේ ලෝකයට සැහෙන බලපෑමක් කල රටක් . මුල ඉඳන්ම එයාල කල්පනා කලේ වියට්නාමය කියන්නේ චීනයේ කොටසක් කියලයි . අපේ රට ඉන්දියාවත් එක්ක තිබුන ගනුදෙනු වගේම නැත්නම් ගොඩබිමින් සම්බන්ධ නිසා ඊටත් වැඩියෙන් ගසට පොත්ත වගේ මේ කලාපය එකට සම්බන්ධ වෙලා තිබුනා .
දිය මකර රජුගේ ළමයි කියෙව්වේ නැත්නම් මෙතැනදී ඒක කියවල එන්න .
මිත්‍යාවයි ඉතිහාසයි කිසිම අවුලක් නැතුව මේ කොමියුනිස්ට් රටේ හරි අගේට යාලුකමින් ඉන්න හැටි නම් පුදුමයි . ඒ කතාවේ හැටියට ගොඩ බිම නැවතුන, Lac Long Quan ගෙයි Au co ගෙයි ළමයි 50 දෙනාගෙන් තමයි වියට්නාම ජාතිය පැවතෙන්නේ . එයිනුත් වැඩිමලා තමයි Hung Vuong . ඔහුගෙන් පැවතුන Hong bang රජ සමය ක්‍රි පු .2879 සිට 258 දක්වා පැවතුනා .එකල එම රජය සමන්විත වුනේ වත්මන් උතුරු වියට්නාමයත් දකුණු චීනයෙන් කොටසකුත් එක්ක .
මේ හුන්ග් රජවරුන් සිහිපත් කිරීම සඳහා අප්‍රේල් මාසයේ නිවාඩු දිනයක්ද මෑතක සිට වෙන් වෙලා .
මේ හුන්ග් රජසමයට අදාළ කතන්දර රාශියක් තිබෙනවා . මේ ලිපි පෙලේ අරමුණ ආක්‍රමණික ඉතිහාසය නිසා මෙතනදී ඒ කතා නොකියන්න හිතුවා . දවසක ඒවාත් ලියන්න ඕනේ . [මගේ වියට්නාම යාළුවන් කියන්නේ එයාලට වඩා මන් මෙහෙ ඉතිහාසයත් කතන්දරත් දන්නා බවයි .]
චීනය මුලින්ම මේ වියට් වරුන්ව යටත් කරගන්නේ ක්‍රි පු 111 දී . ඒ චීනයේ හෑන් වරුන් . වරින් වර ප්‍රාදේශීය වශයෙන් කැරලි ඇති වුනත් මේ හෑන් පාලනයට එතරම් බලපෑමක් කරන්න වියට් වරුන් සමත් වුනේ නැහැ . මෙතනදී තමයි අපිට මේ Trung [චුන්ග්] සහෝදරියෝ හමුවෙන්නේ . Trung Trac කියන්නේ අක්ක . Trung Nhi නංගි
.
අක්කගේ සැමියා චීන පාලකයින් විසින් මරා දැමෙනවා . යුධ ශිල්පයේ ප්‍රවීන මේ බිරිඳ සැමියා වෙනුවෙන් පලිගන්න හිතලා නංගිත් සමග හමුදාවක් සංවිධානය කරගත්තා . බහුතරය ගැහැණු . මේ ගැහැණු මුලික හමුදාව චීන හෑන්වරුන් පරදලා නැවත රට එක්සත් කරනවා . නමුත් හෑන් වරුන්ගේ අධික ශක්තිය මත මේ රාජ්‍ය වැඩිකලක් පවත්වාගන්න මේ සහෝදරියන්ට හැකි වුනේ නැහැ . ක්‍රි වර්ෂ 39 සිට 43 තෙක් වසර හතරයි ඔවුන් රජ කලේ . 43 දී සටනින් පරදින බව දැන දියේ ගිලි දිවිතොර කර ගත බවයි සඳහන් . මේ සටනේදී හෑන් පිරිමි හමුදා නිරුවතින් සටනට පැමිණ තිබෙනවා . ගැහැණු හමුදාවල සෙබලියන් ලජ්ජාවට පත්වී අදහිරිය වූ නිසා පරාජය වූ බවත් සඳහන් .
මෙතැනදී කාන්තාවන් ගැන විවිධ වීර කතා බොහෝ ගණනක් ඇති වුනා . එක ගැබිණි සෙබළියක් සටන් බිමේදී දරුවා බිහි කල බවත් එක අතකින් දරුවා රැගෙන සටන් කල බවත් සඳහන් .
මෙකල මාතෘ මුලික සමාජයක් තිබුනා යයි සිතන්නට මේ සහෝදරියන්ගේ හමුදාව කිසිම පැකිලීමකින් තොරව පිළිගැනීමට සමාජය පෙළඹීම යම් සාක්කියක් සපයන බවත් එක මතයක් .
චම්පා ගැන කතා කරද්දී චම්පා සමාජය මාතෘ මුලික වූ අයුරු අපට පැනයක් වූ බව මතකද .චම්පා වරු මේ ආදී වියට් වරුණේ අඩිපාරේ ගියා වත්ද . Dao Viet ලා පිතෘ මුලික වෙද්දී අර පරණ ලක්ෂණය චම්පා ළඟ ඉතුරු වුනා වෙන්න බැරිද [ මේක මගේ අදහසක් විතරයි ].
ඉතින් මේ Trung සොයුරියන් ජාතික නිදහසේ සංකේතයක් අදටත් . හැනොයි වල ඒක දිස්ත්‍රික්කයක් Hai Ba Trung . hai යනු දෙදෙනා . ba යනු කාන්තාවට ගරු සරු ඇතුව අමතන ආකාරය. මේ නමින්ම ප්‍රධාන නගර දෙකෙහිම ප්‍රධාන පාරවල් දෙකක්ද තිබෙනවා .
නිතරම ඔය පාරෙන් යද්දී මේ කතාව ලියන්නටහිතුවා . මේ ලිපි පෙලට අදාළ නිසා මෙතනදී සඳහන් කිරීමට ලැබීම සතුටක් .
43 දී යලිත් චීනයට යටත් වුනාට පසු මොකද වුනේ කියල ඊළඟ ලිපියෙන් බලමු . පුංචි කොටස් වලින් තමයි ලියන්න වෙන්නේ .

Labels:
වියට්නාම යුධ ඉතිහාසය
Monday, 30 April 2012
උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස
Francoise Demulder taken April 30, 1975
මේක ඉතිහාසගත පින්තුරයක් . ඊතලයෙන් පෙන්වන පුංචි මිනිසා පේනවද .දුවන්නේ කොඩියක් අරන් . ඒ තමයි උතුරු වියට්නාම හමුදාව දකුණේ ඇමරිකන් රුකඩ ආණ්ඩුවේ ජනාධිපති මැදුරට කඩා පැන්න වෙලාව . පින්තුරයේ ඉන්න සෙබලා කොඩිය අරන් දුවලා මැදුරේ පියස්සේ කොඩිය ඔසවනවා . ඒ තමයි එක්සත් වියට්නාමයේ සංකේතාත්මක ඇරඹුම . 1954 ඉඳන් 1975 වෙනකම් තිබුන ඇමරිකන් -වියට්නාම යුද්ධයේ නිමාව .
මේ සෙබලාගේ නම Bui Quang Than . ..එදවස වෙද්දී වයස විසිනවයයි . යුද්ධෙට පටලවෙන්න කලින් තාන් සාමාන්‍ය ගොවියෙක් . ජනපති මැදුරේ ගේට්ටුව කඩාගෙන අංක 843 දරන සෝවියට් ටැංකිය ඇතුල් වෙද්දී එයින් බිමට පැනපු තාන් කොඩිය අරන් දුව්නන්නේ කිසිම ආයුධයක් නැතුව . ඒවෙනකොට ඇමරිකාව සටනින් පැරදිලා . තුන් දවසකට කලින් පත්වුණ සයිගොන් අලුත් ජනපති කොන්දේසි විරහිත යටත් වීමක් ප්‍රකාශයට පත්කරලා . ඒත් සයිගොන් වලට ඇතුල් වෙද්දී දරුණු සටන් තිබිල තියෙනවා . තාන් ලගේ රෙජිමේන්තුව සැහෙන විනාශයකට මුහුණපාල තමයි සයිගොන් පාලම තරණය කරලා තියෙන්නේ .
'' අපි සයිගොන් පාලමින් එගොඩ වෙද්දී දැනන් හිටියේ නැහැ කොයි පැත්තේද ජනාධිපති මැදුර තියෙන්නේ කියල . පාරවල් වල කිසිකෙනෙක් හිටියේ නැහැ . මෝටර් බයිසිකලයක ගිය එක ගැහැණු කෙනෙක් බලෙන් නවතල තර්ජනය කරලා තමයි පාර අහගත්තෙ . ටැංකියෙන් බැහැල දුවද්දී සගයින්ට කිව්වා වහලය උඩ තමන්ව දකින්න නොලැබුනොත් මාලිගාවට පහර දෙන්න කියල . ''
ඒ තාන් අවුරුදු 37 කට පස්සේ තමන්ගේ මතකය අවදි කල හැටි .
නිරායුධව දුවයද්දී ඔහුට තමන්ගේ ජීවිතය ගැන හිතිලා නැහැ . පඩිපෙළ නගිද්දී හමුවූ දකුණේ හිටපු තොරතුරු ඇමති වරයා ඔහුව ජනාධිපති ලඟට එක්ක ගිහින් . ජනාධිපතිතුමා ඉඩ දීල තියෙනවා ඔහුව උඩට ගෙනයන්න .
''එතනදී මොකක්ද පෙට්ටියකට නගින්න කිව්වා .''
උගුලක් යයි සැක කලත් ඔහු අන්තිමට එයට ගොඩ වෙලා . ඒ පෙට්ටිය විදුලි සෝපානයක් බව ගම්බද ගොවියෙක් වූ තාන් කෙසේ දැන සිටින්නද . විදුලි සෝපානයෙන් ගොස් ජයග්‍රහණයේ කොඩිය වහලය මත රඳවනු ලැබුවා .
picture from http://nhtuong.wordpress.com/category/on-this-day/
ඒ වන විට ඇමරිකන් හමුදා සහ ඔවුනට හිතැති ඇතැම් සයිගොන් වැසියන් රටින් පිටවන්නට පටන් අරන් . බොහොමයක් ඇමරිකාවටත් තව පිරිස් ඔස්ට්‍රේලියාව නවසීලන්තය ප්‍රංශය වැනි රටවලට දේශපාලන අනාථයින් ලෙසින් පැනගියා . බොහෝ දෙනෙක් බෝට්ටු මගින් තායිලන්තයට ගොස් එතනින් මේ රටවලට ගිය හෙයින් ඔවුන් ''බෝට්ටු ජනතාව '' ලෙස හැඳින්වුවා . එලෙස ගියවුන් සහ පැවතෙන්නන් හැඳින්වුයේ වියට් කියූ වරුන් කියා . මෑතක් වෙනතුරු ඔවුන් එතරම් පිළිගැනීමකට ලක් නොවුනත් අද වෙනවිට ඔවුන්ට සැහෙන පිළිගැනීමක් තිබෙනවා .
] අද මේ ලිපියට කරුණු වියට්නාම් නිව්ස් පුවත් පතින්]
..අද මේ සුවිසල් මැදුර සංචාරක ආකර්ශනයක් . මමත් කීපවිටක් නරඹා තිබෙනවා . ගත් පින්තුර නම් දැනට පලකිරීමට නොහැක්කේ අලුත් පරිඝනකයට ඇතුලත් කර ගැනීමට තවම නොහැකි වූ නිසයි . මේ පින්තුර නම් ගුගල් අනුග්‍රහයෙන්
විටට්නාම යුධ ඉතිහාසය ගැන කියවීම සහ ලිවිමට ඉතාම කැමතියි . එහෙත් එය සැහෙන දිග සහ සංකීරණ කටයුත්තක් . එකක් මේ ගම් නියම් ගම් ගැන අවබෝධයක් නැතුව ඒමය තේරුම් ගැනීම මදක් දුෂ්කර වීම . කාටත් වැටහෙන පරිදි සරලව ලියන්නට හැකිව වෙයි දැයි මට ඇති සැකය . අනික මේ සඳහා මට සහ කියවන්නන්ට ඉවසීමක් තියෙයි විස්වාසයක් නැති කම .
එහෙත් මේ ගැන කෙටි හෝ හැඳින්ව්මක් නොකලොත් ලොකු අඩුවක් . ඉදිරියේදී ඒ ගැන සිතන්නට ඕනේ
වඩා උනන්දු අයට
කුචි උමන්
ඩියෙන් බියෙන් ෆු සටන
බිම වැටුන කුරුල්ලෝ .... ලිපි ටික කියවන්න ආරාධනා කරනවා .
හෝ චි මින් ගැන කියවෙන නිදන මිනිසෙකි ලිපියත් මෙයට සම්බන්ධයි
මේ ජයග්‍රහණය සැමරීමට අප්‍රේල් 30 Victory Day ලෙස නම් කොට ජාතික නිවාඩු දිනයක් කර තිබෙනවා . මෙවර එය දිග නිවාඩුවක් . සති අන්තය සහ අප්‍රේල් 30 ත් මැයි පලවෙනිදාත් ඇතුළුව දවස් හතරක් .
Subscribe to:
Posts (Atom)